දිට්වා සුළි කුණාටුවෙන් නිවාස විනාශ වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර දිසානායක ලබා දුන් මූල්‍යාධාර චෙක්පත අගරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක පවසයි.
“ජනාධිපතිතුමා රාජාංගනයට ඇවිත් දිට්වා සුළි කුනාටුව නිසා විපතට පත්වුණු පළවෙනි ගේ හදන්න මුල්ගල තිබ්බා. ජනාධිපතිතුමා අතින් ලක්ෂ 20ක චෙක්පතක් දුන්නා. ජනාධිපතිතුමා දුන් ඒ චෙක්පත අගරු වෙලා.
අපි දන්නේ නෑ හේතුවක්. ඒ මුල්ගල තිබ්බ සිරිමාපුර ගමේ මාමට තවම සල්ලි ගන්න බැහැ. ඒක විතරක් නෙමෙයි, රාජාංගනේදී ජනාධිපතිතුමා දුන් චෙක් 17ම මුදල් කරගන්න බැරිවෙලා. ඇයි මේ බොරු කරන්නේ ජනතාවට.
අර්ධහානි නිවාස 200කට චෙක්දීලා. ඒවායින් මුදල් ගන්නත් බෑ. කඩිමුඩියේ උත්සවයක් තියලා චෙක්පත් දුන්නාට ඒවාට අදාළ ලිපි ලේඛන හදනා නෑ. චෙක්පත් අරන් මිනිස්සු බැංකුවට ගියාම සල්ලි ගෙවන්නේ නෑ. කිසිම පිළිවෙළක් නෑ. මීඩියා ෂෝ විතරයි.”