නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සූදානම් වන පාර්ලිමේන්තුවේ කිසිවෙකු සිය දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාදීමට සූදානම් පිරිසක් නොවන බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසයි.
ඔවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල්වල හෝ ජාත්‍යන්තර පාසල්වල විදෙස්ගත වීමේ අපේක්ෂාව ඇතිව අධ්‍යාපනය ලබන බවද ඔහු පෙන්වාදෙයි.
ඔවුන්ට දැන් නිදහස් අධ්‍යාපනය අදාළ නැති බවත් ඔවුන්ගේ අරමුණ අධ්‍යාපනය බාල්දු කිරීම බවත් බොහෝ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ දරුවන්ද රජයේ පාසල්වලට නොයන අතර යන පිරිසද යන්නේ සියලු පහසුකම් සහිත ජාතික පාසල්වලට බවත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම අවධාරණය කරයි.
මහාචාර්ය අර්ජුන පරාක්‍රම මේ බව ප්‍රකාශ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමුළුවක් අමතමිනි.