මොඩියුල ක්‍රමයේ විභාග නැති වුණාට තනතුරු ගන්න ක්‍රම තියෙනවා..! – ඇමති සුනිල් සෙනෙවි…

January 25, 2026 at 11:24 am | by emanisa.lk

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ශිෂ්‍යයන් වෙහෙසෙට පත්වන බවත් සංස්කෘතිය ඉතිහාසය ඇත්තේ මොඩියුල ක්‍රමය තුළ බවත් අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි පවසයි.

මොඩියුල ක්‍රමයේ ඉතිහාසය භාරතීය දිසාපාමොක්, තක්ෂිලා නාලන්දා විශ්වවිද්‍යාල යුගයට ගෙන යා හැකි බවද ඔහු ප්‍රකාශ කරයි.

ගුරු කේන්ද්‍රීය ක්‍රමය තුළ දරුවා අධ්‍යාපනයේ සක්‍රීය කොටස්කරුවෙකු නොවන අතර අහගෙන සිට පාඩම් කර විභාගයට ලිවීම සිදුවන බවත් එය අධ්‍යාපනය නොවන බවත් ඇමති සුනිල් සෙනෙවි පෙන්වා දෙයි.

විභාග ක්‍රමය නැති නිසා උගතුන් සොයාගත නොහැකි වනු ඇති බවට සහ තනතුරු ලබාගත නොහැකි බවට සැක සංකා පහළ කළද ඒ සඳහාද මෙම ක්‍රමය තුළ විසඳුම් ඇති බව ඇමතිවරයා අවධාරණය කරයි.

ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *