බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන කොමසාරිස් ධුරය සඳහා නීතිඥ මනෝජ් නානායක්කාර පත් කිරීම මඟින් එම ස්වේච්ඡා ව්‍යාපාරය ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලනීකරණයට ලක් කර ඇති බව බහුජන බලය සංවිධානයේ අංජන උදාර පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, බාලදක්ෂ විධායක සභාව නිර්දේශ කරන පුද්ගලයා මහ කොමසාරිස් ධුරයට පත්කිරීමේ නියමිත ක්‍රමවේදයන් බැහැරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදු කර ඇති බවයි.
නුසුදුසු සහ විනයක් නොමැති ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන මෙවැනි පුද්ගලයෙකු එම තනතුරට පත් කිරීම නිසා වසර ගණනාවක් එහි සේවය කළ ස්වේච්ඡා නායකයන් කලකිරීමට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
වැරදීමකින් කොළඹ පුරපති තනතුරට ත්‍රීරෝද රථ රියදුරෙකු පත්වුවද එම ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු කිසි විටක හන්දියේ ත්‍රිවිල් ධාවනයට එකතු නොවූ නමුත් මනෝජ් නානායක්කාර අදාළ තනතුර දරමින් තවමත් යූටියුබ් නාලිකාවේ පහත් ගණයේ ප්‍රකාශ සිදුකරමින් ඇතැයිද ඔහුට ත්‍රීරෝද රථ රියදුරාට තිබූ විනය පවා නොමැති බවත් අංජන උදාර ප්‍රකාශ කරයි.