මේ අවස්ථාවේ රෝගීන් අසීරුතාවට පත් කරමින් වෛද්‍යවරුන් වැඩ වර්ජන සඳහා යෑම සුදුසු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“මේ වෙලාවේ දෙන්න බැරි ආර්ථික ඉල්ලීම් පදනම් කරගෙන කවුරු හරි රෝගීන් ඇපයට තබා ගෙන පැය 48 සතියේ දෙකේ වැඩවර්ජනවලට යන්න හදනවා නම් ඒක සාධාරණ නෑ.”
රෝගී ජීවිත බිල්ලට අරගෙන සිදුකරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලා සිටින්න කැමතියි. පසුගිය මාස කිහිපය තිස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමට තැන් කිහිපයකම වැඩවර්ජන දියත් කළා.”
ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් නලින්ද ජයතිස්ස මේ බව කීය.