ඇස ගැටුණු අනියම් පෙම පළිගනී…පාර්ලිමේන්තු නි. ප්‍රධානි අනිවාර්ය නිවාඩු යවයි… !

January 24, 2026 at 12:32 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි, නියෝජ්‍ය මහ ලේකම්, නීතිඥ චමින්ද කුලරත්න අනිවාර්ය නිවාඩු යවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග ප්‍රකාශ කරන පරිදි කීර්තිමත් නිලධාරියෙකු වන නියෝජ්‍ය මහ ලේකම්වරයා අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ පදනම් විරහිත අභූත චෝදනා කිහිපයක් එල්ල කරමිනි.

කෙසේ වුවද මෙයට සැබෑ හේතුව පාර්ලිමේන්තු ප්‍රබලයෙකුගේ ආන්දෝලනාත්මක අනියම් ප්‍රේම කතාවක පෞද්ගලික දර්ශනයක් අනපේක්ෂිත ලෙස නි. මහ ලේකම්වරයාගේ ඇස ගැටීම සහ ඔහු එය ප්‍රචාරය කළ බවට වරදවා වටහා ගැනීමකි.

මෙම කුප්‍රකට ප්‍රේම කතාව දැන් දේශපාලන ලෝකයේ බොහෝ දෙනාට රහසක් නොවන අතර නීතිඥ චමින්ද කුලරත්න දුටු දර්ශනවලට වඩා අතිශය පිළිකුල්සහගත ආලිංගන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පිරිස් දැක ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *