විරුද්ධ පක්ෂ දේශපාලන ක්‍රියාධාරීන් අත්අඩංගුවට ගැනීම තීරණය කරන්නේ සමාජ මාධ්‍යවල සිටින ආණ්ඩුවේ ඩෝබි බලකාය බව සිංහල රාවය සංවිධානයේ ලේකම් ප්‍රභාත් රණහංස පවසයි.
රටේ ආර්ථිකය බිඳවැටී පරිපාලනය අකර්මන්‍ය වී ඇති බවත් එම සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට ජනාධිපති අනුර දිසානායක යාපනයට ගොස් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන බවටද ඔහු චෝදනා කරයි.
අනුර දිසානායකගේ ඒකාධිපති දුර්දාන්ත පාලයට විරුද්ධව තමන් පෙළ ගැසෙන බවත් තමන් සිරගත කර හෝ CIDයට කැඳවා එය නතර කළ නොහැකි බවත් ප්‍රභාත් රණහංස අවධාරණය කරයි.
බාල ගල් අඟුරු නැව් හයක් රටට ගෙන්වා විශාල වංචාවක් සිදුකර ඇති බවත් බාල බෙහෙත් ගෙන්වා රෝගීන් මිය යමින් පවතින බවත් මාර්ග ප්‍රතිසංස්කරණවල ප්‍රමිතියක් නොමැති බවත් වංචා දූෂණ ඉහවහා ගොස් ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.