නීතිපති එළවන්න අලුත්කඩේ වටලයි…!

January 21, 2026 at 5:30 pm | by emanisa.lk

නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

යුක්තිය අපේක්ෂා කරන පොදු මහ ජනතාවගේ විරෝධය ලෙසයි එය නම්කර තිබිණි. දුෂිත නීතිපතිට එරෙහිව සියලු මහජනතාව එක්විය යුතු බවට එහිදී අවධාරණය කෙරුණි.

ඇතැම් නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට එහිදී චෝදනා එල්ල විය. නීතිඥයින්, සමාජ ක්‍රියාකාරිකයින් 10කට අධික ප්‍රමාණයක් ඊට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *