පසුගියදා (20) ස්විස්ට්සර්ලන්තයේ පැවති ලෝක ආර්ථික සමුළුව නියෝජනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය සහ මුදල් සහ කම්කරු නි. අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහභාගී කරවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.
අගමැතිනිය සහ මුදල් නි. ඇමතිවරයා එහි දී විවිධ රාජතාන්ත්‍රික කණ්ඩායම් සහ ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කිහිපයකටම සහභාගී වී ඇත.
පසුගිය වසරේ චීනයේ පැවති ලෝක අර්ථික සමුළුවක් සඳහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහභාගී වෙමින් ඉංගිරිසි බසින් සිදුකළ ප්‍රකාශයක් නිසා මහත් ආන්දෝලනයක් ඇති විය.