තමන්ට බලය ලබා දුන් ජනතාවට බොරු කළ හිටපු කතානායක අශෝක රන්වලට එරෙහිව හැකිනම් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
පාර්ලිමේන්තු චර්යා ධර්ම සංග්‍රහයේ එන අවංකභාවය, පැහැදිලිභාවය සහ ජනතාවට වගවීම යන මූලික කොටස් අශෝක රන්වල පැහැදිලිවම කඩකර තිබෙන බව සජබ මහ ලේකම්වරයා සඳහන් කරයි.
ආචාර්ය උපාධියක් තිබෙන බව කියමින් අශෝක රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මහ මැතිවරණයට තරග කළ නමුත් පසුව එම උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වූ බවත් ජනතා විශ්වාසය අමු අමුවේ උල්ලංඝණය කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණ හොරකම සහ වංචා දැඩිව විවේචනය කරන අතර සිය පක්ෂයේ අශෝක රන්වල බොරු කීමට එරෙහිව තමවමත් විනය ක්‍රියාමාර්ග නොගැනීම පුදුමසහගත බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.