ළමයින්ට දෙන්න කලින් මොඩියුල් ඩබල් චෙක් කරනවා…! – අගමැතිනිය…..

January 20, 2026 at 9:50 am | by emanisa.lk

ශිෂ්‍යයන්ට මොඩියුල ලබා දීමට පෙර ඉදිරියේදී ඩබල් චෙක් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල ලියන, සකස් කරන මුළු ක්‍රියාවලියම නැවත සමාලෝචනය කරන බවද මොඩියුලවල දුර්වලතා නිවැරදි කිරීමට නව විද්වත් මණ්ඩල පත්කළ බව ද ඇය කීවාය.

එම වැඩපිළිවෙළ අතරමඟ නතර වේයැයි කිසිවෙකු සැකයක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලා සිටි අගමැතිවරිය, නව ප්‍රතිසංස්කරණවලට අදාළව ගුරුවරු හා විදුහල්පතිවරු පුහුණු කිරීම මේ වසර තුළ හා ලබන වසරේ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බව ද පැවසුවාය.

පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරු සමග පුත්තලම දිස්ත්‍රික් කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගිය දා (17) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිනිය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *