ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30න් 10ක් පසුගිය නොවැම්බර් මාසය වන විට ඉටු කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
එමෙන්ම තවත් පොරොන්දු 10ක් ඉටු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද එහි දැක්වේ.
ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් පොරොන්දු ක්රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය හඳුන්වා දුන් ‘අනුර මීටරය’ (Anura Meter) නමැති ප්‍රගති නිරීක්ෂණයේ යාවත්කාලීන දත්ත මඟින් මේ බව අනාවරණය වී ඇත.