අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව සිදුනොකළහොත් අනාගතයේ සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල වැනි අය වැඩිපුර දැකගත හැකි වනු ඇතැයි අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.
එම ප්‍රතිසංස්කරණ නිවැරදිව සිදුකළහොත් 21 වන සියවසට ඔබින අභිමානවත් පුරවැසියන් නිර්මාණය වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුනොකර සජිත් ගම්මන්පිල වැනි අය වැඩිපුර බිහිකරගන්නේද ඒවා සිදුකර නව ලෝකයට ගැළපෙන පරම්පරාවක් නිර්මාණය කරගන්නේ ද යන්න ජනතාව තීරණය කළ යුතු බවද නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.