ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සිදුකළ සංචාරය සඳහා ගුවන් ගමන් භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
නිදහස් මාධ්‍යවේදියෙකු වන රාම් ක්‍රිෂ් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.
පසුගිය රජයන්හි ජනාධිපතිවරුන් සහභාගී වූ උත්සව සම්බන්ධයෙන් ද මෙවැනිම විවේචන එල්ල වූ බව පෙන්වා දෙන ඔහු, වත්මන් රජය බලයට පත්වීමට පෙර “රාජ්‍ය අරමුදල් නාස්ති නොකරන බවට” ලබාදුන් පොරොන්දුව මෙහිදී සිහිපත් කරයි. විශේෂයෙන්ම අභ්‍යන්තර සංචාර සඳහා ගුවන් ගමන් භාවිත නොකරන බවට ප්‍රකාශ කර තිබියදී, මෙම සංචාරය සඳහා වූ පිරිවැය දරා ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
ජනාධිපතිවරයා සහභාගී වූ යාපනයේ සියලු උත්සව රාජ්‍ය උත්සව බව පිළිගන්නා අතරම, මෙම සංචාරය සහ උත්සව සඳහා වැය කළේ කාගේ මුදල්ද උත්සව සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පුද්ගලික අංශයේ අනුග්‍රාහකත්වයන් (Corporate Sponsorships) ලබාගත්තේදැයි විමසයි.
අවසාන වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිවරයා බව තමන් පිළිගන්නා නමුත් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මෙම විමසීම සිදුකරන බවයි.