මෑතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ රාජ්‍ය මුදල් විෂයකට අදාළව රුපියල් මිලියන 16.6ක අයුතු භාවිතය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන්, නීතිපතිවරයාට එල්ල වන සමාජ මාධ්‍ය බලපෑම් හා චෝදනා දිගින් දිගටම දක්නට ලැබේ. සංවිධානාත්මකව අසත්‍ය හෝ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා නීතිපතිවරයාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය අහිමි කිරීමට, ඔහුගේ ගෞරවයට හානි කිරීමට හා ජන විශ්වාසය පළුදු කිරීමට කණ්ඩායමක් උත්සාහ දරන බව පැහැදිලිය.
උදාහරණයක් ලෙස, විදේශගතව සිටින හිටපු මාධ්‍යවේදී වෘත්තීය සමිති නායකයෙකු වන සනත් බාලසූරිය මහතාගේ මෑත Facebook පළ කිරීමකදී (සන්ඩේ ටයිම්ස් 2026 ජනවාරි 11 වැනිදා වාර්තාව ආශ්‍රිතව) නීතිපතිවරයාට බරපතල චෝදනා එල්ල කර ඇත. එහිදී නඩුවට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව තුළ පවතින්නේ යැයි කියනු ලබන මත භේදය (නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සාක්ෂි මදි බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා චෝදනා ගොනු කළ හැකි බවත්) කුමන්ත්‍රණයක් හෝ පක්ෂග්‍රාහී බවක් ලෙස විකෘති කර ඇත.
නීතිපතිවරයා රජයේ නීතිඥවරයා මෙන්ම රජයේ ප්‍රධාන නඩු පවරන්නා ලෙස ස්වාධීන තනතුරකි. එම තනතුරේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කොට ඇත. ඔහු කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව, නීති පද්ධතිය හා වෘත්තීය ආචාරධර්ම මත පදනම්වය. ප්‍රමාණවත් සාක්ෂි ඇති දැයි සලකා බැලීමෙන් අනතුරුව නඩු පැවරීම හෝ නොපැවරීමේ තීරණය හුදෙක් නීතිපතිවරයාගේ අර්ධ අධිකරණමය බලය (quasi-judicial capacity) යටතේ පවතින්නකි. විනිසුරුවරයෙකු මෙන් දේශපාලන සාධක නොසලකා මෙම බලය භාවිත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය විසින් තහවුරු කර ඇත (උදා: SC/APPEAL/104/2024 සහ CA/WRIT/441/2021).
මෙවැනි බලපෑම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන මරු පහරකි. මෑතකදී (2025 පෙබරවාරි) සනත් බාලසූරිය මහතාගේ Facebook පළ කිරීම් හේතුවෙන් ක්‍රිෂ් මුදල් විශුද්ධිකරණ නඩුවේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වූ ආකාරය මෙයට උදාහරණයකි. එවැනි උත්සාහයන් නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් නොව, සමස්ත අධිකරණ පද්ධතියට (ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළුව) ද එල්ල වී මෙවැනි බලපෑම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන මරු පහරකි. එවැනි උත්සාහයන් නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් නොව, සමස්ත අධිකරණ පද්ධතියට (ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළුව) ද එල්ල වී අකර්මණ්‍ය කළ හැකිය.
නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සියලු පාර්ශ්වවල වගකීමකි. දේශපාලන බලපෑම්වලින් තොරව නීතිපතිවරයාට ක්‍රියා කිරීමට ඉඩ සලසා දිය යුතුය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ සමන් ගලප්පත්ති
0777900000
Free Lawyers සංවිධානය: