මහින්දටත් බැරි වුණ වික්‍රමයක් ජනපති අනුර කරයි… යාපනේ පාරක තනිවම ඇවිද පෙන්වයි…!

January 16, 2026 at 12:55 pm | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී, ඉතා සීමිත ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමග මාර්ගයක උදෑසන ව්‍යායාම සඳහා ඇවිද යන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ අවධානයට ලක්ව තිබේ.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී උදෑසන ව්‍යායාමයේ නිරත වන ආකාරයයි.

එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට ගුඩ් මෝනිං සර් යනුවෙන් සුබ පතන ආකාරය ද ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් “නාන් පෝයිට්ටු වාරේන්” (මම ගිහින් එන්නම්) යනුවෙන් පවසන ආකාරයද එහි ඇසෙයි.

ජනාධිපති අනුර දිසානායක මෙයට පෙර උඩරට සංචාරයක නිරත වූ අවස්ථාවේ ද මේ ආකාරයටම උදෑසන ඇවිදීම සඳහා යන වීඩියෝවක් සමාජගත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *