ලාල්ගේ ‘මිහින්තලේ වනචාරියා’ ප්‍රකාශයට පූර්ණ අනුමැතිය දෙනවා…! – ඇමති වසන්ත සමරසිංහ….

January 16, 2026 at 10:09 am | by emanisa.lk

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් පසුගියදා සිදුකරන ලද ‘මිහින්තලේ වනචාරියා’ යන ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

සියත රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ලාල් කාන්ත ඇමතිවරයා එම ප්‍රකාශය සිදුකරන ලද්දේ දේශපාලනික අර්ථයක් සහිතව බවයි.

එම විවේචනය නිශ්චිතවම ඉලක්ක කළේ කවුරුන්ද යන්න තමන් නොදන්නා නමුත්, යම් පුද්ගලයන් එම ප්‍රකාශය තමන්ට එල්ල වූවක් යැයි සලකා තොප්පිය දා ගන්නේ නම් එහි කිසිදු ගැටලුවක් නොමැති බවද ඔහු පැවසීය.

අමාත්‍ය ලාල් කාන්තගේ ප්‍රකාශය හරහා මතු වූ විවේචනාත්මක කරුණු සම්බන්ධයෙන් තම එකඟතාව පවතින බවත්, එම ප්‍රකාශයෙහි අඩංගු දේශපාලන හරය තමන් පිළිගන්නා බවත් වසන්ත සමරසිංහ ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *