ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) තෛපොංගල් සැමරුම් සඳහා සහභාගී වීමට උතුරු පළාතේ සංචාරයක නිරත වේ.
යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා ජනපතිවරයා සහභාගී වේ.
එමෙන්ම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධානය කර ඇති තෛපොංගල් උත්සවය සඳහාද ජනපතිවරයා සහභාගි වීමට නියමිතව තිබිණි.
තමන්ගේම තැනක් – ලස්සන ජිවිතයක් යන තේමාව යටතේ රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (16) යාපනය චාවකච්චේරිය, වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී හෙට (16) පැවැත්වෙයි.
මුලාශ්‍ර – sinhala.newsfirst