ආණ්ඩුව ගේන්න යන්නේ දියුණු රටවල් තහනම් කළ අධ්‍යාපන ක්‍රමයක්…! – ආචාර්ය විජේදාස රාජපක්ෂ…

January 15, 2026 at 10:48 am | by emanisa.lk

ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබවින්ම ප්‍රතිසංස්කරණයක් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

එහි විෂය නිර්දේශ තරමක් දුරට වෙනස් කර ඩිජිටල් මාදිලියෙන් ඉගැන්වීමට පමණක් යෝජනා කර ඇති බව ද එවැනි සිල්ලර වැඩවලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි නොකියන බව ද ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ පාලකයන් දරුවන්ට ස්මාර්ට් දුරකතන භාවිතයෙන් ඉගැන්වීම් කිරීමට යොමුවන විට එහි ප්‍රතිවිපාක අත්විඳින දියුණු යැයි සම්මත ඕස්ට්‍රේලියාව කැනඩාව වැනි රටවල් අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට දුරකතන ලබා නොදිය යුතු බවට නීති සම්පාදනය කරමින් ඇතැයි ද විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

රටේ ජනතාවගෙන් 90%ක් පමණ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන්නේ ආණ්ඩුවට විරුද්ධ නිසා නොව දරුවන් බේරා ගැනීමට බව ද ඔහු අවධාරණය කරයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජේදාස රාජපක්ෂ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *