බලංගොඩ කස්සප හිමි ඇතුළු සිව් නමක් බන්ධනාගාරයට…!

January 14, 2026 at 4:49 pm | by emanisa.lk

තිරිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ත බෝධිරාජ විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා එහි නොසන්සුන්තාවක් හටගෙන තිබුණි.

මෙම සිද්ධියට අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල විය.

මෙම සිද්ධියට අදාළව නඩුව අද (14) තිරිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට අදාළ පාර්ශ්ව කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *