ඇමති කේ.ඩී. ලාල්කාන්ත මිහින්තලේ නායක හිමියන් දඩමීමා කරගෙන ලිංගික ඇරියස්කාරයන් යැයි සමස්ත සංඝ සමාජයටම අපහාස කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි පවසයි.
එය ලාල්කාන්ත දැනගන්නට ඇත්තේ ජවිපෙ නිල භික්ෂු සංවිධානය වන ජාතික භික්ෂු පෙරමුණේ පිරිස සමග පැලවත්තේ සිටීමෙන් බව ද වකමුල්ලේ දැකීමෙන් ඔහු බියට පත්ව ඇති බව ද එහිමියන් ප්‍රකාශ කරයි.
ජවිපෙ නායකයන් ලිංගික ඇරියස්කාරයන් යැයි හංවඩු ගහන විට ජාතික භික්ෂු පෙරමුණ සිවුරක් ඇඳගෙන තව දුරටත් ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේ දැයි සුමංගල හිමි ප්‍රශ්න කරයි.
එහෙයින් ඇමති ලාල්කාන්ත සමස්ත සංඝ සමාජය ඉලක්ක කරගෙන සිදුකළ තිරශ්චීන ප්‍රකාශයට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ ප්‍රකාශයක් කළ යුතු බව ද උන් වහන්සේ සඳහන් කරති.
එය හුදෙක් මිහින්තලේ හිමියන් විරුද්ධව සිදුකළ ප්‍රකාශයක් නොව සමස්ත සංඝ සමාජය සමග ලාල්කාන්තට ඇති වෛරය පිරිමසා ගැනීමට සිදුකළ ප්‍රකාශයක් බවට ද එහිමියන් චෝදනා කරති.