මාලිමා මන්ත්‍රී ලක්ෂ 20ක ණය පොල්ලක් තියලා… ප්‍රසිද්ධ භික්ෂුව ගේ දොරකඩ උපවාසයකට…!

January 12, 2026 at 6:10 pm | by emanisa.lk

ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවස ඉදිරිපිට උපවාසයක් කිරීමට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරයි.

සිංහල ජාතිය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් කලෙක පාර්ලිමේන්තුවට පැමිණි මෙම භික්ෂුව ජාතික ජන බලවේග මන්ත්‍රී අපේක්ෂකයෙකුට මැතිවරණ සමයේ රුපියල් ලක්ෂ විස්සක මුදලක් ණයක් ලෙස ලබා දී තිබිණි.

මැතිවරණයෙන් පසු මෙම ණය මුදල දෙන බව පැවසූවත් මෙතෙක් එම ණය නොගෙවීම නිසා භික්ෂුව අදාළ මන්ත්‍රීවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර මුදල් ආපසු නොදෙන්නේ නම් මන්ත්‍රිවරයාගේ නිවස ඉදිරිපට උපවාසයක් කරන බවට මන්ත්‍රිවරයාට අනතුරුව අඟවා ඇත.

දකුණේ උපන් මෙම භික්ෂුව කලින් කලට විවිධ දේශපාලන පක්ෂවලට පැනීමට ප්‍රසිද්ධියක් උසුලයි.පසුගිය සමයේ එක දිගටම විවිධ අර්බුදවලට මුහුණපෑ මෙම මන්ත්‍රිවරයා මෙම තර්ජනය හමුවේ දැඩි අපහසුතාවට ලක්ව ඇත.

මූලාශ්‍රය – Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *