අභාවප්‍රාප්ත ප්‍රකට youtube මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩට අවසන් ගෞරව දැක්වීමට දේශපාලන නායකයන්, සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් එකතු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය නලින්ද ජයතිස්ස, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නාමල් රාජපක්ෂ, රාජිත සේනාරත්න ආදීන් ඒ අතර විය.
එහෙත් ඔහුට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර දිසානායක හෝ අගමැතිනි හරිනි අමරසූරිය එකතු නොවීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.
පසුගිය අරගල සමයේ ඊට සුවිශාල දායකත්වයක් ලබා දුන් සමාජ මාධ්‍යකරුවෙකු වූ දර්ශන හඳුන්ගොඩට අවසන් ගෞරව දැක්වීමට අරගලයෙන් බලයට ආ ආණ්ඩුවේ ප්‍රධානීන් නොපැමිණීම ඇතැමුන්ගේ විවේචනයට ලක්විය.