සිය අමාත්‍යංශය වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය විකෘති කළැයි ඇමති CIDයට…!

January 11, 2026 at 9:25 am | by emanisa.lk

රාජ්‍ය ලාංජනය විකෘති කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවිය දැනට මාස දෙකක පමණ කාලයක සිට අවස්ථා දෙකකදී හැක් කිරීමට ලක්‌වූ බවයි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka Computer Emergency Readiness Team – SLCERT) වෙත පැමිණිලිකර ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

සිය අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය විකෘතිකර තිබීම පිළිබඳ අදහස් දක්වමින් ඇමති ආනන්ද විජේපාල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *