කවුරුන් කිනම් ආකාරයකින් අකුළන්නට උත්සාහ කළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
දිගුකාලීනව පවතින මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මහා සංඝරත්නය මෙන්ම පොදු ජනතාව ද සෑහීමකට පත් නොවන බවත්, එය දෙමව්පියන්ට විශාල බරක් සහ දරුවන්ට පීඩාවක් ගෙන දෙන පද්ධතියක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අධ්‍යාපනඥයින් විසින් කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කරන ලද මෙම වෙනසට රජය මේ වන විට අත තබා ඇති බවත්, එම ක්‍රියාවලියට එරෙහිව විවිධ වර්ගයේ පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහ අවලාද පතුරුවමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ගම්බද පවුල්වල පවතින දුප්පත්කමේ විෂම චක්‍රයෙන් මිදීමට ඇති මූලිකම මග අධ්‍යාපනය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, “ගෙදර කොල්ලා ඉගෙන ගත්තොත් පවුලම ගොඩ යනවා” යන ජනප්‍රිය කතාබහ යථාර්ථයක් බවට පත් කළ යුතු බව පැවසීය.
වර්තමානයේ දරුවෙකු පාසල් යාම හෝ උසස් පෙළ හැදෑරීම පවා පවුලකට දරාගත නොහැකි ආර්ථික බරක් වී ඇති තත්ත්වය වෙනස් කර, ලෝකයේ ඕනෑම රටක් සමඟ හැප්පිය හැකි ගුණාත්මක අධ්‍යාපනයක් ශ්‍රී ලාංකේය දරුවන්ට උරුම කර දීම රජයේ අභිප්‍රාය බව ඔහු තහවුරු කළේය.
මෙම නව වෙනස්කම් මගින් දරුවන්ට තම ජීවිතය සාර්ථක කර ගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් සහිත අධ්‍යාපනයක් ලැබීමටත් අවශ්‍ය පරිසරය සැකසෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.