2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, Rebuilding Sri Lanka යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අනුරාධපුරදී එක්වෙමිනි.
ව්‍යසනයෙන් පසු ආසන්න වශයෙන් නව නිවාස 20 000-25 000ක් අතර ප්‍රමාණයක් ඉදි කර දීමට සිදු වන බවත් නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබු නිවාස 31 000 සමග නව නිවාස 50 000-55 000ක් අතර ප්‍රමාණයක් මේ වසරේදී ඉදිවනු ඇති බව ත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වී පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සිදු කෙරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ, ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි විශාල වන්දි ලබා දෙමින් ජනතාව බලා ගැනීමට පාලකයන් මැදිහත් නොවු බවය.
වත්මන් රජය ජනතාව බලාගත යුතු බවට තීන්දු කළ රජයක් බවත් ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට තිබුණාට වඩා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමට නියත වශයෙන්ම කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේ ම, ජනතාවට හොඳ ජීවන තත්ත්වක් ලබා දීමට නම් හොඳ ආදායමක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ හොඳ නිවසක් මෙන්ම මානසික සුවය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කරුණු 05 ඉටු කර දීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව ද අවධාරණය කළේ ය.