මොඩියුලයේ ලින්ක් එක දැම්මාට සයිට් එකට යන්න කියලා නෑ… අගමැතිනිය මහනාහිමියන්ට පැහැදිලි කරයි….!

January 9, 2026 at 9:46 am | by emanisa.lk

ආන්දෝලනයට පත් හය වසර මොඩියුලයේ පාඩම කියවීම සහ තේරුම් ගැනීම පිළිබඳ අභ්‍යාසයක් බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතුවු ගැටලුකාරී තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමි ඇතුළු මහා සංඝරත්නය ඊයේ (08) බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

“පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන වෙන විදිහකට මේක ඇතුල් වුණාද කියන එක හොයාගෙන තමා අපි CID එකට ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඒක එකසිය හයක් තියෙනවා.

ඒ එකසිය හයම අපි අමාත්‍යංශයට ගෙනල්ලා එකින් එක බලනවා හාමුදුරුවනේ. ආයිත්. ඒක සාමාන්‍යයෙන් කළ යුතු දෙයකුත් නෙමෙයි. අමාත්‍යංශ‍යෙන් එහෙම පොත් බලන් නැහැ. ඒක ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමා බලන්නේ. නමුත් මේ අවස්ථාවේ මේ ප්‍රශ්නේ නිසා එකින් එක අපි බලනවා. ඒවයි තුලත් අපිට යම් යම් වැරදි හම්බවෙලා තියෙනවා.”

එහි සඳහන් කර ඇති වෙබ් අඩවියට යන්න කියා කොතැනවත් කියා නොමැති බව ද අගමැතිනිය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *