ඩෝබි දාලා ප්‍රශස්ති ගායනා කරලා ගොඩදානවා බොරු… අවජාතක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගනු…!

January 7, 2026 at 5:58 pm | by emanisa.lk

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැවැන්ත සමාජ සංවාදයක් තුළින් සම්පාදනය කළ වුව ද මාලිමා අධ්‍යාපන කමිටු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි පවා ඒ ගැන නොදන්නා බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදූ මව අගමැතිනි හරිනි අමරසූරිය වුව ද තාත්තා කවුදැයි කිව නොහැකි අවජාතක දරුවෙක් බවට එය පත්ව ඇති බවයි.

හය වසර මොඩියුලයේ කොළ ඉරා හෝ එමගින් කඩල වඩේ කර්මාන්තය ප්‍රවර්ධනය කළා යැයි ඩෝබි බලකාය ලවා කියවා හෝ හරිනි අමරසූරිය ඇමති ධුරයෙන් නෙරපා හෝ මෙම අර්බුදයෙන් ගැලවිය නොහැකි බව ද හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම මොඩියුලයට සමරිසි වෙබ් අඩවි යොමුවක් දැමීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයකු සිටින බව ඒ පිළිබඳ සිදුකළ විමර්ශන වාර්තාව සැඟවීමෙන් තහවුරු වන බවත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගැනීම අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බවත් උදය ගම්මන්පිල අවධාරණය කරයි.

අද (07) මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *