අනුර කතරගම දේවාලෙ රත්තරන් ටිකට අරින්නද යන්නෙ: ඉතිහාස කතාවක්!
මේ ගොඩක් ආණ්ඩු විරෝධී අය ලොකූ විවේචනයක් කරනව ආණ්ඩුව කතරගම දේවාලෙ රත්තරන්වලට අරින්න යනව කියල. පළවෙනි එක තමා ඒක වැරදියි. කතරගම අළුත් බස්නායක නිලමෙ ඊයෙ පැහැදිලිවම කිව්ව; මොනරාගල ඉස්පිරිතාලෙ ඇතුලෙ දේවාලෙන් හදන ඉස්පිරිතාල බිල්ඩිම ඉවරකරගන්න සල්ලි මදි, තව මොනවද කරගෙන යන සුබ සාධන වැඩ වගයකටයි සල්ලි මදි, [ඒ වගේම දේවාලෙ තියෙන රත්තරන් වලින් කොටසක් දිත්වා වෙලාවෙ ගහගෙන යන්න ගිහින් බේරුනා], ඒ වගේම රජයටත් උදව් කරන්න ඕන දිත්වා අර්බුදයෙන් ගොඩ එන්න, ඒ නිසා බැතිමතුන් පූජා කරල තියෙන රත්තරං පිළිම හැර ඉතුරු රත්තරන් වලින් ප්‍රමාණයක් විකුණන්න බෞද්ධ කටයුතු කොමසාරිස් ගෙන් අවසරය ඉල්ලල විතරයි තියෙන්නෙ, විකුණන්න තාම තීරණයක් අරගෙනවත් නැහැ කියල. ඒක කිව්වෙ මොනරාගල හදන ඉස්පිරිතාල බිල්ඩිමේම ඉඳගෙන.
දෙවෙනි එක තමා අරුණ පත්තරේ අද තියෙන යට දාන පින්තූරෙ තියෙන ප්‍රවෘත්තිය. ඒකට අනුව, කතරගම දේවාලෙ මේ ඊයෙ පෙරේද වෙනකම් හිටපු බස්නායක නිළමෙ කියනව; දේවාලෙට රත්තරන් පූජා කළාට වැඩක් නැහැ කියල. මේ විවේචනය කරන අය මාර බෞද්ධ බැතිමතුන් වගේ නෙ මේව කියන්නෙ. ඒ නිසා මේ ඉතිහාස කතාවත් මතක් කරන්න හිතුනා;
මහාවංශයෙ 42වන පරිච්ඡේදයට අනුව, රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබ්බ වෙලාවක, ඉතාම බුද්ධාගමට ඉතාම ලැදි රජකෙනෙකු වෙච්ච දාතෝප තිස්ස රජුගෙ කාලෙදි, හදිසි ජාතික අවශ්‍යතාවය නිසා පන්සල් දාගැබ්වල තිබ්බ රත්තරන් පිළිම, වටිනා වස්තුව, රත්තරන් ඔක්කොම රජයට ගත්ත. ඒ විතරක් නෙමෙයි ථූපාරාම දාගැබේ චූඩාමාණික්‍යයේ රත්තරං [the golden pinnacle of the Thuparama stupa] ඒ වගේම රුවන්වැලිසෑයෙ කොත වැහෙන්න හදල තිබ්බ රත්තරං ඡත්‍රය [the golden umbrella that sheltered great Ruwanvali sutupa](ඔය කුඩයක් වගේ එක) පවා ගත්ත. එහෙම ඉතිහාසයක් තියෙන්නෙ.
ඉතිං මේ කතරගම රත්තරන් අනුර ඉල්ලලත් නෙමෙයි දෙන්න යන්නෙ. අනික ඕව දේවාල අස්සෙ තියන් ඉඳල වැඩකුත් නැහැ, කපුවො උස්සනව, නිලමෙල උස්සනව, මතකනෙ මහ කපුව චමුදිතට දුන්න ඉන්ටර්විව් එකේදි කියපු ඒව. පොර කිව්වෙ බැතිමතුන් පූජ කරන රත්තරන් වලින් කොටසක් උන් ගන්නව. ඒවගෙන් දරුවන්ට, ගෙදර අයට රත්තරං බඩු හදල දෙනව, කොටසක් විකුණ ගන්නවා කියල. ඉතිං බෞද්ධ කොමසාරිස්ටත් කියන්න තියෙන්නෙ ඔය බස්නායක නිලමෙ ඉල්ලල තියෙන අනුමැතිය දෙන්න කියල.
© උවිඳු කුරුකුලසූරිය