රුහුණු කතරගම දේවාලයට බැතිමතුන් විසින් පරිත්‍යාග කොට දැනට ආරක්ෂිත සේප්පුවල ඇති රත්තරන් අලෙවි කර එම මුදල් ආණ්ඩුවේ “Rebuilding Sri Lanka” අරමුදලට පරිත්‍යාග කිරීම නව බස්නායක නිලමේ තිලිණ මධුශංක තීරණය කර තිබේ.
ඒ අනුව දේව රූප හැර ඉතිරි 70%ක් පමණ වන රත්තරන් සංචිතය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ අලෙවි කිරීමට කටයුතු සලසා දෙන ලෙස දැනුම් දෙමින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත බස්නායක නිලමේවරයා විසින් ලිපියක් යොමු කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා පසුබෑමට ලක්ව ඇති ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා අදාළ රත්තරන් සංචිත භාවිත කිරීම කතරගම දෙවියන් උදෙසා කළ හැකි හොඳම පූජාව බව ද බස්නායක නිලමේ තිලිණ මධුශංක සඳහන් කරයි.