මෙවර කොළඹ අයවැය පරාජයට පත් වූයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතුරුදන් වීමත් තව මන්ත්‍රීවරියක් ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය දීමත් නිසා බව කොළඹ නගර සභාවේ විපක්‍ෂ නායක රිසා සරුක් සඳහන් කරයි.
“අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්. ගෙදර ගිහින් බැලුවත් ඒ දෙදෙනා හිටියේ නෑ. දුරකථනත් අක්‍රියයි. එතැන ඡන්ද දෙකක් නැහැ. ඒවගේම තවත් මන්ත්‍රීවරයකුගේ බිරිඳට හදිසි අසනීපයක් නිසා ඡන්ද විමසීමට මොහොතකට පෙර පිටව ගියා. ඒ වගේම ඒකාබද්ධ විපක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරියත් ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළා.
පළමු වර අයවැය පරාජය වූ අවස්ථාවේ නගරාධිපතිනිය කිව්වා හෘදසාක්‍ෂියට තට්ටු කර බලන්න කියලා. අද අපි අහනවා හෘදසාක්‍ෂියට එකඟව ද බහුතරය ලබා ගත්තේ කියලා? අපි හැංගෙන්නේ නෑ. බහුතරය නැතිකම නිසා නොවෙයි අපි පැරදුණේ. මන්ත්‍රීවරුන් නැතිකම නිසයි අපි පැරදුණේ. ඉදිරියටත් බහුතරය රැක ගනිමින් කටයුතු කරනවා.”