ආර්ථික වශයෙන් රට ලබා ගත් ස්ථාවරය ජනතාවගේ ජීවිත සාර්ථක කිරීමට උපයෝගී කරගන්නේ කෙසේ දැයි සොයා බැලිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
රජය විසින් ලබාදෙන සේවාවන් කාර්යක්ෂම සහ සුවපහසු කළ යුතු බවත් රාජ්ය නිලධාරීන් භාවිත කරන වාහන අවුරුදු 15-20ක් පැරණි බවත් ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
එහෙයින් කවුරු කුමක් කීවත් වාහන ආනයනය කරන බවත් හෙතෙම අවධාරණය කරයි.
ආපදා කටයුතු ප්රතිසංස්කරණයට මෙන්ම වාහන ගෙන ඒමට ද රජය සතුව මුදල් ඇතැයි ද ජනාධිපතිවරයා ප්රකාශ කරයි.
ඊයේ (30) දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.