සියලු රූපවාහිනී නාලිකාවලට ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇත්තේ තාවකාලික බලපත්‍ර බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එම බලපත්‍ර යළි කැඳවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
ඉදිරියේ දී කිසියම් නාලිකාවක් මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති පුවත් පළකළහොත් රූපවාහිනී බලපත්‍ර ලබා දීමේ දී පනවා ඇති කොන්දේසි බලාත්මක කරන බව ද ඇමති නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
ඊයේ (29)සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.