වෙසක් පොහොයත් වරද්දලා… වහාම නිවැරදි කරන්න…මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….!

December 29, 2025 at 1:42 pm | by emanisa.lk

වෙසක් පොහොයත් වරද්දලා… වහාම නිවැරදි කරන්න…මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….!

2026 වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් නම්කර ඇති මැයි මස 01 වෙනිදා චිරාගත සම්ප්‍රදාය අනුව වෙසක් පොහොය ලෙස පිළිගත නොහැකි බව සිව් නිකායික මහානාහිවරු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දෙති.

මෙම වසරේ මැයි මස 01 වෙනිදාට සහ 30 වෙනිදාට පුරපසළොස්වක පොහෝ දින යෙදී තිබුණ ද සිදුහත් උපත, බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වානය සිදුව ඇත්ත් විසා නැකතට අනුව බවත් එමගින් පෙන්වා දෙයි.

මැයි මස 01 වෙනිදාට යෙදෙන පොහෝ දින විසා නැකත නොයෙදන නිසා චිරාගත සම්ප්‍රදාය අනුව වෙසක් පොහෝ දින සැමරුම විසා නැකත යෙදෙන මැයි මස 30 වෙනි දිනට යොදා ගන්නා ලෙස ද එහි සඳහන් කර ඇත.

ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය ඇතුළු ආගමික කටයුතු මැයි මස 30 වෙනි දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයට යොදා ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙස ද මහානාහිමිවරුන් ජනාධපතිවරයාට දැනුම් දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *