ෆැසිස්ට් මාලිමාව බලයට ආවේ අත්වැරදීමකින්…. හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසිය මාධ්‍ය දඩයමේ….

December 28, 2025 at 6:57 pm | by emanisa.lk

ඉතිහාසය පුරා තමන් වෙත එල්ල වන විවේචන දරාගත නොහැකිව විවේචකයා ඝාතනය කළ ෆැසිස්ට්වාදී මාලිමා කල්ලියට රටේ අවාසනාවට ජනතාවගේ අත්වැරදීමකින් පාලන බලය ලැබුණු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එදා හිට්ලර් සිය ෆැසිස්වාදය ක්‍රියාත්මක කිරීමට ගෙස්ටාපෝ පොලිසිය භාවිත කරමින් මාධ්‍ය මර්දනය කළ ආකාරයටම අද මාලිමාණ්ඩුව ද සිය පොලිසිය භාවිත කරමින් මාධ්‍ය මර්දනය කරමින් ඇතැයි ඔහු චෝදනා කරයි.

මේ නිසා අද රටේ පාලකයා අනුර දිසානායක ද හිට්ලර් දිසානායක ද යන සැකය ජනතාවට මතුව ඇතැයි ද උදය ගම්මන්පිල සඳහන් කරයි.

ජනතාවට ඇත්ත කියන මාධ්‍ය මර්දනය සඳහා ආණ්ඩුව දියත් කර ඇති මෙහෙයුම සියලු දෙනා එකතු වී ආරම්භයේ දීම පරාජය නොකළහොත් ඔවුන් ඉදිරියේ දී කම්කරු ව්‍යාපාරයට, ශිෂ්‍ය ව්‍යාාපාරයට, සමාජ මාධ්‍යය කණ්ඩායම්වලට සහ අවසානයේ විපක්ෂ දේශපාලන නායකයන්ට සිය මර්දන හස්තය දිගු කරනු ඇති බවටත් එවිට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවෙකු ඉතිරි නොවනු ඇති බවටත් ඔහු අනතුරු අඟවයි.

සිය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *