රන්වල වාසනා සමය අවසන්… පොලිසියට ඇල්කොහොල් බැලුම් එයි…!

December 26, 2025 at 12:07 pm | by emanisa.lk

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්ෂණ නළ දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇතැයි පොලිස් රථ වාහන අධ්‍යක්ෂ මනෝජ් රණගල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනවාරි මස තවත් නළ 250 000ක් ලැබීමට නියමිත බවයි.

නව වසර එළඹෙන උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බව ද බීමත් රියදුරන් නිසා විශාල වශයෙන් ජීවිත සහ දේපළ හානි සිදුවන බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රණගල ප්‍රකාශ කරයි.

හිටපු කතානායක අශෝක රන්වල රිය අනතුරකට මුහුණපෑ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවට චෝදනා නැගුණ ද එය පරික්ෂා කිරීම සඳහා බැලුම් නොතිබූ බව පොලිසිය පසුව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *