ආපදාවෙන් මළ රට හරකෙකුට රු. ලක්ෂ දෙකක වන්දියක්… දේශීය හරකෙකුට රු. පනස්දහසක්..! – ජනපති….

December 25, 2025 at 1:06 pm | by emanisa.lk

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය නිසා මරුමුවට පත් එක් දෙමුහුන් ගවයෙකු සඳහා උපරිමය දහයකට යටත්ව රු. ලක්ෂ දෙකක ආධාරයක් ලබාදෙන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

එසේම දේශීය ගවයන් සඳහා උපරිමය විස්සක් දක්වා ගවයෙකුට රු. 50 000ක ආධාරයක් ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

එසේම එළු, ඌරු සහ බැටළු ගොවිපළ සඳහා එක් සතෙකුට රු. 20 000 බැගින් සතුන් 20කට ආධාර ලබා දෙන බව ද ලේයර් කුකුළෙකුට රු. 500 බැගින් සතුන් 2000කට ද බොයිලර් කුකුළෙකුට රු. 250 බැගින් සතුන් 4 000කට රු. 250 බැගින් ද ආධාර මුදල් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.

මෙම ආධාර මුදල් මගින් ඔවුන්ට නැවතත් සිය ජීවිකාව ආරම්භය සඳහා පියවර තැබිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පසුගියදා (19) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *