ජනාධිපති අනුර දිසානායක ඇතුළු ආණ්ඩුවට තවත් ඇත්තේ පෝය දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
මේ වන විට ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ජනතාව පෙළ ගැසෙමින් ඇති බව ද ඔහු සඳහන් කරයි.
ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් පුරවැසියන් ආණ්ඩුව පන්නා දැමීමට පෙළ ගැසිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් චමින්ද විජේසිරි මේ බව කීය.