ගංජා හේන මාලිමා ශාන්තගේය කීවොත් නඩු දානවා…! – ඇමති නලින්ද ජයතිස්ස….

December 24, 2025 at 11:05 am | by emanisa.lk

පසුගියදා ගංජා වගාවක් වැටළු ඉඩම සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට හෝ ඔහුගේ බිරිඳට හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එහෙයින් අදාළ ඉඩමට මන්ත්‍රීවරයාගේ සම්බන්ධයක් ඇතැයි ප්‍රසිද්ධියේ පවසන ඕනෑම අයකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඇමතිවරයා අනතුරු අඟවයි.

අදළා පොලිස් නිලධාරියාට පහර දුන් පසු රෝහල්ගත කළ බව කියන සජබ මන්ත්‍රී බී. ආරියවංශ පොලිසිය දැනුම් දුන්න ද මෙතෙක් කටඋත්තරයක් ලබා දී නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

පොලිස් නිලධාරියා පිළිබඳ ක්‍රියාමාර්ග පොලිස් දෙපාර්තමේන්තුව ගනු ඇති බව ද ඇමති නලින්ද ජයතිස්ස කීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *