හැප්පුණාම ඉස්පිරිතාලේ හැංගුණේ නෑ… මත්පැන් පරික්ෂණය මග ඇරියේ නෑ.. ලෙඩා ඉස්පිරිතාලෙට දාලා පොලිසියට භාර වුණා…!

December 23, 2025 at 10:46 am | by emanisa.lk

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා තැබූ ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

අද දහවල් මා මාගේ කළුබෝවිල නිවසේ සිට දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයට මම මාගේ රථය පදවාගෙන ගමන් කළේ අවශ්‍ය බලපත්‍රයක් ලබා ගැණිමටය.

මෙහිදි දෙහිවල ගුවන් පාලම යටදී මා පැදවූ වාහනය නැවැතිවීමේදි පදික මහතෙකු සුළු අනතුරකට ලක්විය.

වහාම ක්‍රියාත්මක වූ මා අවට සිටි පදිකයන්ගේද සහය ඇතිව මමම රථය පදවාගෙන ගොස් තුවාලකරු කළුබෝවිල දකුණු කොළඹ ශික්ශන රෝහලට බාර දෙනලදී. ඉන් අනතුරුව මමම පොලිසියට ගොස් බාරවි ඔවුනට නීතිය ක්‍රියාත්මක කරවීමට උපරිම සහය ලබා දුනි. මත්පැන් පානය කොට ඇත්දැයි යන පරීක්ෂණයද කරන ලෙස ඉල්ලා සිටින ලදී.

අනතුරට පත් මගියා රෝහලෙන් පිටවු පසු, මත්පැත් වාර්තා ආදි සියල්ල පැමිණි පසු ම පොලිස් ස්ථානයෙන් පැමිණියෙමි.

අනතුරෙන් කිසිවෙකුට හානි සිදු නොවුණ ද අගතියට පත් සියලු පාර්ශ්වයන්හට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

එසේම නීතිය අකුරටම ක්‍රියාත්මකකරවූ දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරි මහතුන්ටද ස්තුතිය. අනතුර සිදුවූ මොහොතේ සිට සොයා බැලූ ඔබ සැමට ස්තුතියි.

විජයමුණි සොයිසා
හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය / කැබිනට් අමාත්‍ය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *