රුක්ෂාන්ගේ වැඩ තහනම් කළේ රන්වලගේ වෛද්‍ය වාර්තාව ප්‍රසිද්ධ කරයි කියලා බයේ…!

December 21, 2025 at 11:46 am | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩතහනම් කළේ ඔහු හිටපු කතානායක අශෝක රන්වලගේ වෛද්‍ය සහතිකය පිළිබඳ ප්‍රකාශයක් ලබාදේ යැයි බියෙන් දැයි සැකයක් මතුව ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසයි.

රියදුරෙකු මත්පැන් ලබා ගෙන තිබිණි දැයි පරික්ෂා කිරීමට කිසිසේත් දින ගණන් සති ගණන් ගත නොවන බවත් එය ඉතාම කෙටි කලකින් සිදුකළ හැකි පරීක්ෂණයක් බවත් වෛද්‍ය විශේෂඥයන් තමන්ට දැනුම් දුන් බවත් ඔහු පෙන්වා දෙයි.

අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව ලබා දීමට දින 8ක් ගතවූයේ එහි ඇල්කොහොල් නොමැති වන තුරු කිහිප වතාවක් පරික්ෂා කිරීමට සිදු වූ නිසා විය හැකි බවත් එය ද අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රසිද්ධ කළ බවත් ආනන්ද පාලිත ප්‍රකාශ කරයි.

අනතුර සිදු වූ අවස්ථාවේ අශෝක රන්වල දැඩි ලෙස බීමත්ව සිටින බව ඔහුගේ පෙනුමෙන් තහවුරු වන බවත් ඒ අවස්ථාවේ ඔහු අනතුරට ලක් වූ රථය ධාවනය කළ රියදුරුගෙන් සමාව ගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද මහ රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන තව දුරටත් එම තනතුරේ සිටියේ නම් අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තා ඔහුගෙන් ලබාගතහැකිව තිබූ බවයි, ඔහු සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *