ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට හානියක් නොවීමට රජය වගබලා ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
පසුගියදා (18) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ එය රජය සිදු කළ කැපවීමේ ප්‍රතිඵලයක් බවයි.
එමෙන්ම මෙම අසීරු අවස්ථාවේ සහායට පැමිණි සෑම විදෙස් රටකටම සහ තවමත් සහයෝගය ලබා දෙමින් සිටින විදෙස් රටවලට, ජාත්‍යන්තර සංවිධාන හා දෙස් විදෙස් සිවිල් සංවිධාන වෙත සිය කෘතඥතාව පළ කරන බවයි ඔහු සඳහන් කළේ.