නිල්වලා නිදිකරවපු හඳුන්නෙත්තිට මහවැලියයි මල්වතු ඔයයි නිදි කරවන්න තිබුණා..!

December 19, 2025 at 6:01 pm | by emanisa.lk

නිල්වලා ගඟ නිදිකරවූ ඇමැති සුනිල් හඳුන්නෙත්ති ලවා ආණ්ඩුව මල්වතු ඔය, කලා ඔය සහ මහවැලි ගඟ නිදි කරවිය යුතුව තිබූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

එක ගඟක් නිදි කරවා මල්වතු ඔය ගුවනින් මඩකලපුවට ගෙන ගිය හඳුන්නෙත්ති සෙසු ගංගා ටික ගලායන්නට ඉඩ දී විනාශයක් වන්නට ඉඩ දී ඇතැයි ද ඔහු චෝදනා කරයි.

තමන් කතා කරන්නේ නිල්වලා ගඟ නිදි කරවූ ආකාරයට සෙසු ගංගා ටික නිදි කරවන්නට නොහැකි වීම ගැන බවත් පරණ කුඩු ගොඩදමමින් දේශපාලනය නොකර ආපදාවෙන් ගොඩඑන ආකාරය සාකච්ඡා කළ යුතු බව ද හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කරයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *