අපි දුර දැකලා නිල්වලා ගඟ නිදි කළා… මාතරට ගං වතුර නැත්තේ ඒකයි…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති….

December 18, 2025 at 5:40 pm | by emanisa.lk

මාතර යනු මීට පෙර මිලිමීටර 150 – 180ක ප්‍රමාණයේ වැස්සක් ඇද හැලුණු සෑම අවස්ථාවකම වැඩිම හානියකට ලක් වූ දිස්ත්‍රික්කයක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

එහෙත් මෙවර වර්ෂාවේ දී එය කළමනාකරණය කර ගැනීමට හැකි වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී සිට නිල්වල ගඟේ අකුරැස්සේ සිට මාතර දක්වා කිලෝ මීටර 34ක දුර සම්පූර්ණයෙන් සුද්ද පවිත්‍ර කළ නිසා බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එවන් කටයුත්තක් සිදුකර ඇත්තේ අවුරුදු 25 කට පසු බවත් නිල්වලා ගං කොමළිය නිදාගත්තා නොව නිදි කරවූ බවත් ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.

එසේ නොවන්නට මාතර ජනතාවට සෙසු ප්‍රදේශවලට ගොස් උදව් කිරීමට නොව ගං වතුර ආධාර රැගෙන මාතරට වෙනත් පළාත්වින් පැමිණීමට සිදුවන බව ද අද (18) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *