ෆේස්බුක් අයිස් කුෂ් හෑෂ් කොකේන් සාදයක් වටලයි… මාලිමා උප නගරාධිපතිගේ දියණියත් අත්අඩංගුවට…!

December 13, 2025 at 5:25 pm | by emanisa.lk

තෙල්දෙණිය පොලිස් වසමට අයත් වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 26දෙනා අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාරගේ 26 හැවිරිදි දියණියද සිටින බව සඳහන් වේ.

එහිදී පිරිමි පුද්ගලයින් 22 සහ කාන්තාවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය 1,875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක් ඇතුළු තවත් මත්පෙති සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් සහ සැකකාරියන් අද (13) දිනයේදී තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *