වින්ඩ්ස්ක්‍රීන් එකට ගලක් ගැහුවා වගේ නාය ගිහිං… පැල්මට පස් දාල කොටලා තද කරන්න ඕන…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

December 12, 2025 at 12:26 pm | by emanisa.lk

එළඹෙන මෝසම් වර්ෂා සමයේ ජල කාන්දු අවම කිරීම සඳහා පසුගියදා නාය ගිය ස්ථානවල පැළුම්වලට පස් පුරවා ඒවා හොඳින් තර කරගත යුතු බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“පැළුණු භූ පැළුම්වලට මතුපිට හොඳ පස් දමා කොටා හොඳින් තරකර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා.

ඒ වගේම NBR එකෙන් නිර්දේශ කරලා තියෙනවා, පැළුමේ අඟල් හයක් විතර ඉතිරි කරලා විශේෂ රසායනික මිශ්‍රණයකින් මේ පැළුම වහලා දාන්න කියලා. මේ පැළුම සමහර ප්‍රදේශවල මීටර් 150ක් විතර තියෙනවා.

ගම්වැසියෝ කියන විදිහට වින්ඩ්ස්ක්‍රීන් එකට ගලක් වැදිලා පුපුරපු විදිහට සමහර තැන්වල පිපිරීම් තියෙනවා.”

හදිසි ආපදා තත්ත්වය සමග නාය ගිය බදුල්ල අලුගොල්ල කන්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමින් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *