ආපදාවෙන් බොහෝ ජීවිත අහිමි වුණේ රජය කී දේ තුට්ටුවකට මායිම් නොකළ නිසායි…!

December 11, 2025 at 7:42 pm | by emanisa.lk

සුළි කුණාටු ආපදාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ මරණ සිදුවූ බවත් ඊට වැඩි වශයෙන් බලපෑවේ රජය හා නිලධාරින් ලබා දෙන මාර්ගෝපදේශ ජනතාව තුට්ටුවකට ගණන් නොගැනීම බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ප්‍රභාත් අබේවර්ධන සඳහන් කරයි.

රජය විසින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කර පළමු කොටම වටිනා ජීවිත ආරක්ෂා කරගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියේය.

ප්‍රදේශයේ නාය යාම් අවදානමක් ඇති තැන්වල ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන කරා යාමට දැනුම් දුන්නද එම උපදෙස් ජනතාව තුට්ටුවකට ගණන් නොගෙන තම දේපළ නිවාස වගාවන් ආදීය ආරක්ෂා කර ගැනීමට අවධානම නොතකා තවදුරටත් රැඳී සිටින බව ද හෙතෙම පැවසීය.

එසේ නොකර සියල්ලට කලින් ජීවිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *