ආපදාවෙන් බැට කෑ අපේ පිහිටට මාලදිවයින…මහා බලවතුන්ගෙන් හිතූ තරම් සහන නෑ.. !

December 8, 2025 at 10:02 am | by emanisa.lk

සුළි කුනාටු ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට මාලදිවයින් ජනතාව විසින් ඩොලර් මිලියන 2.4කට වැඩි මුදල් ප්‍රමාණයක් රජයට ලබා දී තිබේ. මාලදිවයින් රජය විසින් ඩොලර් පනස්දාහක පරිත්‍යාගයක්ද ඒ සමගම භාරදී ඇත.

ආපදා ආධාර ලෙස මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දෙකක මුල්‍යාධාරයක් ලබාදී තිබිණි.

එමෙන්ම චීනයද ආපදාව සදහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් හා යුවාන් මිලියන 10ක වටිනාකමෙන් යුත් සහනාධාර පැකේජයක් ලබා දී තිබිණි.

එ් අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම ආපදා ආධාර ප්‍රමාණයක් ලැබී ඇත්තේ මාලදිවයිනෙන් වීම විශේෂත්වයකි. මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 12කට අඩු ආධාර මුදලකි.

ශ්‍රී ලංකාව 2017 වසරේ මුහුණ දුන් ගං වතුරින් මෙරතම් විශාල ජීවිත සහ දේපළ හානියක් නොවුණ ද ඩොලර් මිලියන 443ක ආධාර ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *