මල්වතු ඔය මඩකලපුවට ගලනවා කියලා හඳුන්නෙත්ති කිව්වා… ඒක විශ්වාස කළ අනුරාධපුරේ මිනිස්සු ගං වතුරට යටවුණා…බොරු කී හඳුන්නෙත්ති අත්අඩංගුවට ගනු…! – මිහින්තලේ නාහිමි…

December 6, 2025 at 8:05 pm | by emanisa.lk

ගං වතුර තත්ත්යට මුහුණ දීමට සූදානමින් සිටි අනුරාධපුරේ ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවූ බව මිහින්තලා රාජමහා විහාරාධිපති වළවහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

එහෙත් ඇමති සුනිල් හඳුන්නෙත්ති හෙලිකොප්ටරයකින් මඩකලපුවට ගොස් මල්වතු ඔයේ ජලය මඩකලපුවට දරාගත නොහැකි බව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ බවයි, උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

එතෙක් ගං වතුරට මුහුණ දීමට සූදානමින් සිටි ජනතාව අලුත් ආණ්ඩුව මල්වතු ඔය මඩකලපුවට හරවා ඇතැයි ද අනුරාධපුරය යට නොවනු ඇතැයි ද සිතුව ද නගරය සම්පූර්ණයෙන්ම යට වූ බව ද ධම්මරතන හිමි ප්‍රකාශ කරයි.

මේ ආපදා අවස්ථාවේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අය හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බව ඇමති සුනිල් වටගල සඳහන් කළ බවත් ඒ අනුව ඇමති හඳුන්නෙත්ති වහාම අත්අඩංගුවට ගතයුතු බවත් වළවහැංගුණවැවේ ධම්මරතන හිමි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *