අඩි 5000ට වඩා උස භූමිවල ඉදිකිරීම් රජයට පවරා ගෙන වන වගාව අරඹනවා…! – ජනපති…

December 6, 2025 at 12:54 pm | by emanisa.lk

යළිත් මෙවැනි ව්‍යසනයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අනුව කඳු මුදුන්, ගංගා අසබඩ නිවෙස් ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවත්, යළි අනතුරු සහිත ස්ථානවල ඉදිකිරීම් සඳහා ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මධ්‍යම කඳුකරයේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

එසේම රටේ අඩි 5000 කට වඩා ඉහළ ප්‍රදේශවල යළි වන වගාව ආරම්භ කරන බවත්, එම ඉඩම් සහ දේපළ ආණ්ඩුව විසින් වන්දි ලබාදී පවරා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර දිසානායක වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *